top of page
News RoomNews Room

News Room

Writer

News Room

More actions

Profile

Join date: Sep 18, 2024

Posts (229)

Dec 27, 20251 min
ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු හෘදයාබාධයකින් මියයයි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ක්‍රීඩාංගණයේ දී ඇදවැටීමෙන් අනතුරුව මියගොස් තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. බී.පී.එල්. තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ පළමු තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව මහ්බුබ් අලි සාකි සිහිසුන්ව පිටියේ ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2
0
Dec 27, 20251 min
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසුබිම්...

5
0
Dec 24, 20251 min
ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය. අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් තිබේ. අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමට උත්සහ දරා...

8
0
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page