top of page

ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු හෘදයාබාධයකින් මියයයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ක්‍රීඩාංගණයේ දී ඇදවැටීමෙන් අනතුරුව මියගොස් තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

බී.පී.එල්. තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ පළමු තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව මහ්බුබ් අලි සාකි සිහිසුන්ව පිටියේ ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page