top of page

අම්බර් තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය - මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ (10) උදෑසන සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ අම්බර් කිලෝ 01 ග්‍රෑම් 200ක් ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලීසිය සඳහන් කළේය. සැකකරු අවුරුදු 44ක් වන වතුරුගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page