කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි
- tvvishvavahini
- Feb 4
- 1 min read

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය සැමරෙන අද දිනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ තුළ පරස්පර විරෝධී සිදුවීම් වාර්තා වූ බව විශ්වවාහිනී පුවත් සේවය වෙත වාර්තා වේ. යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දිනය "ශෝක දිනයක්" ලෙස සලකන ලෙස කළ ඉල්ලීමට අනුව කිළිනොච්චිය නගරයේ සියලු වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා තිබූ අතර, කළු ඇඳුමින් සැරසුණු පිරිසක් හිසේ කළු පටි බැඳගෙන සටන් පාඨ කියමින් කිළිනොච්චිය නගරයේ විරෝධතා පාගමනක නිරත විය. කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම පෙළපාලිය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ. කෙසේ වෙතත්, මෙයට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනිමින් වවුනියාව නගරයේදී උත්කර්ෂවත් නිදහස් දින සැමරුමක් පවත්වා ඇති අතර, වවුනියාව එක්සත් වෙළඳ සංගමය විසින් සංවිධානය කළ එම පෙළපාලිය අලංකාර නැටුම් හා ගැයුම් වැයුම්වලින් සමන්විත විය. මේ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් උද්යෝගයෙන් සහභාගී වී සිටින අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කරයි.




Comments