top of page

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

News Room


තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ්ස් ලීග් ”‍ නැමති ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විභාග වෙමින් තිබෙන නීතිකෘතයකට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට අදාළවය. අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇත. ඔහු විදෙස්ගතව සිටින බැවින් දිවයිනට පැමිණි පසු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව මෝසමක් මාර්ගයෙන් දැනුම්දී තිබේ.

3 views0 comments

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page