
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 146 වැනි “නිල් මහා සටන” වාර්ෂික ක්‍රිකට් තරගය හෙට (06) ආරම්භ වනවා.
ඒ අනුව එම ක්‍රිකට් තරගය හෙට (06) සිට ලබන 08 වනදා තෙක් දින තුනක් පුරා කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙවර රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක රමිරු පෙරේරාට හිමිවී ඇති අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු ඩයස්ට හිමිව තිබෙනවා.
විදුහල් දෙක අතර මේ දක්වා පැවැති තරග 145න් තරග 36 ක ජය කොළඹ රාජකීය විද්‍යාලය දිනාගෙන ඇති අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තරග 35 ක ජය හිමි කරගෙන තිබෙනවා.
Comments