'Walk For Peace' අද දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වෙයි
- News Room
- Apr 22
- 1 min read

Walk For Peace සාම පා ගමන අද (22) ආරම්භ වනවා.
අද පෙරවරුවේ පැවැත්වෙන සංඝගත දක්ෂිණාවෙන් පසුව මෙම සාම පා ගමන නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන මෙම පා ගමන අද සවස මාතලේ අලු විහාරය වෙත ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම පා ගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ සහ 'ආලෝකා' නම් සුනඛයා එක් වීමට නියමිතයි. අද (22) සිට අප්‍රේල් 28 වැනිදා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්රමුඛ පිරිස මෙම සාම පා ගමනේ නිරත වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




Comments