ඉරානය විසින් කටාර්හි Ras Laffan කාර්මික නගරයට එල්ල කළ ප්‍රහාරවලින් දැඩි හානි
- News Room
- 2 hours ago
- 1 min read

කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානය වන Ras Laffan කාර්මික නගරයට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව කටාර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා.
රාස් ලෆාන් කාර්මික නගරය ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකින බවත්, එහිදී හටගත් ගින්න හේතුවෙන් මධ්‍යස්ථානයට දැඩි හානි සිදුව ඇති බවත් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.
එම ස්ථානයේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති අතර, කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැති බවයි කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊශ්‍රායලය විසින් ඉරානයේ South Pars ගෑස් නිපදවන කලාපයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය තර්ජනය කර පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.




Comments