කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුවෙයි
- News Room
- Oct 30, 2025
- 1 min read

කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තුන්වැනි මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුවූ බව කොටුව පොලිසිය පවසනවා. ටි 56 ජිව උණ්ඩයක් හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩයක් එහි තිබී හමුව තිබෙනවා.
රේගු මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොටුව පොලිස් ස්ථානයට ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව උණ්ඩ සොයාගෙන තිබුණා.
මෙම ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවාද යන්න සොයා අපරාධ පරීක්ෂණ නිලධාරින් සහ ඇඟිලි සටහන් කාර්යාලයේ නිලධාරින්, නිල සුනඛ අංශයේ සහාය ඇතිව විමර්ශන කටයුතු සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප ද සිල්වාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රණවක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.






Comments