ට්‍රම්ප් WHO හි නැවත සාමාජිතක්වය ලබාගැනීම පිළිබඳ අදහස් පළකරයි
- News Room
- Jan 26
- 1 min read

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිතක්වය නැවත ලබා ගැනීමේ අවස්ථාවක් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) පැවසුවේය. අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ පසුගියදා යි. නමුත් ඒ සම්බන්ධයෙන් ලොව දසතින් විරෝධතා නැගුණේ මේ සමඟම ඒ වෙත ලබාදෙන අමෙරිකානු ආධාර නතරවීම හේතුවෙනි.
අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිටයි. කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා නැවත එහි සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව පළ කර ඇති අදහස් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ද යොමුව තිබේ.
Comments