top of page

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්.

මෙම සිදුවීම සඳහා ඉඩම් ආරවුලක් මුල් වී ඇති බවත්, අදාළ ඉඩම තමන් සතු බව මන්ත්‍රීවරයා පවසන අතර, තවත් පාර්ශවයක් ද එහි අයිතිය ඉල්ලා සිටින බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත් වාර්තා වෙනවා.

පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාදයකට පැටලී තිබෙනවා. එම අවස්ථාවේදී උරණ වූ මන්ත්‍රීවරයා, කිසිදු ආයුධයක් නොමැතිව සිටි එම කාන්තාවන් වෙත සිය අතෙහි පිස්තෝලයක්ද රඳවාගෙන තර්ජනය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page