top of page

පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායලය ප්‍රමාද කරයි



ඊශ්‍රායලය විසින් දින නියමයක් නොමැතිව පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමාස් විසින් ඊළඟ ප්‍රාණ ඇපකරුවන් භාරදීම සහතික කරන තෙක් මෙලෙස පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම දැන් ප්‍රමාද කරන බවයි.

ඊයේ දිනයේදී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලීය ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකු නිදහස් කිරීමෙන් පසුව ඒ වෙනුවට පලස්තීන සිරකරුවන් 600 කට වැඩි පිරිසක් නිදහස් කිරීමට නියමිතව තිබුණා.

එසේම සටන් විරාමයේ පළමු අදියරට අනුව, තවත් එක් ප්‍රාණ ඇපකරුවෙකු හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත භාර දීමට නියමිත ව ඇති බව සදහන් අතර, දෙවන අදියරේදී සිදුවීමට නියමිත අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කිසිදු විධානයක් තවමත් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page