බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
- News Room
- Oct 8, 2024
- 1 min read

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළට සිය නිල ඇඳුමේ සඟවාගෙන ජංගම දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (07) බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි ස්ථානයේදී එම සොයා ගැනීම සිදුකර තිබුණි.
එහි දී බන්ධනාගාර විශේෂ අංශයේ රාජකාරි සඳහා පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකු සෝදිසි කිරීමේදී ඔහුගේ රාජකාරී කැප් එකෙහි මුදුන කොටස හිල් කර එහි ඇතුළට දමා තිබිය දී එම උපාංග සොයාගෙන තිබේ.
Comments