top of page

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන "එල් මෙන්චෝ" මරුට

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන "එල් මෙන්චෝ" එරට හමුදා මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකානු හමුදා විසින් සිදු කළ මෙහෙයුමක් අතරතුර ඝාතනයට ලක්ව ඇති බව එහි දැක්වෙයි. 

ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වනනෙමේසිඕ ඔසෙගුරා නොහොත්, ‘එල් මෙන්චෝ' අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. 

එහිදී ඇති වූ ගැටුම්වලදී ජාලිස්කෝසංවිධානයේ සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් මෙක්සිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page