top of page

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ‍සුවිශේෂී ජයක්

ree

2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේදී, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණා.

D කාණ්ඩය යටතේ, චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති එම තරගයේදී ගෝල 3 - 1ක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එම ජයග්‍රහණය වාර්තා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස 166 වැනි ස්ථානයේ පසු වන චීන තායිපේ කණ්ඩායම පරාජයට පත්කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් වනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී ආදවන් රාජමෝහන්, ඩිලන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කිරීමට සමත්වුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page