top of page

ශ්‍රී ලංකාවට එරෙහිව රග්බි තරගයෙන් නවසීලන්තයට විශිෂ්ට ජයක්



නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට නවසීලන්ත රග්බි කණ්ඩායම ලකුණු 26 ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගෙන තිබූ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 07 ක් ලබා සිටියා.

අනරුව තරගයේ දෙවන අර්ධයේදී ලකුණු 3 ක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර නවසීලන්ත කණ්ඩායම ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නවසීලන්ත රග්බි කණ්ඩායම ලකුණු 50 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 10 ක් වාර්තා කළා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page