top of page

සිනමාපටයක් රූගත කිරීමකට උඩරට දුම්රිය ධාවනය සීමා කෙරේ



ඉන්දු -  ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට දින සිට 2024.10.15 දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්​ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙ.ව. 7.30 සිට ප.ව. 5.30 දක්වා කාලසීමාව තුළ කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරනු ලබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු  ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම රූගත කිරීම සිදුකරන බවයි සඳහන් වෙන්නේ.


අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය සිදුවන ආකාරය පහතින්. 




Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page