හින්දු කෝවිලක පෙරහැරට රැගෙන ආ අලියෙකුගෙන් පුද්ගලයෙකුට ප්‍රහාරයක්
- News Room
- Mar 13
- 1 min read

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු පුද්ගලයෙකුට පහරදී තිබේ.
අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත්, තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු පැවසීය. ඊයේ (12) දින හින්දු කෝවිලේ පෙරහැර අවසන්වී අලියා විවේක ගැනීම සඳහා කෝවිල් පරිශ්‍රයේ ස්ථානයක බැඳ සිටියදී පුද්ගලයෙකු අලියාට ආහාර ලබාදීමට උත්සාහ කර තිබුණි. එම අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටීම නිසා පහර කෑමට ලක්වු පුද්ගලයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔහු මෙම ප්‍රහාරයට ලක්වී තිබේ.
Comments