ඉදිරි පැය 24 පීඩන අවපාතයක් දක්වා වර්ධනයක්
- News Room
- Nov 26, 2025
- 1 min read

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රීය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි. මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ වැසි සුළං තත්වයේ වැඩි වීමකර ඉදිරි දින කීපයේදීත් බලා පොරොත්තු වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත්කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර මධ්‍යම සහ ඌප පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවටල මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි ඇති වේ.




Comments