top of page

ඉන්ධන මිල ඉහළට

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීම සඳහා තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව,

  • රු. 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 317ක්.

  • රු. 340ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 25කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 365ක්.

  • රු. 281ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රු. 22කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 303ක්.

  • රු. 329ක්ව පැවති සුපිරි ඩීසල් මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 353ක්.

  • රු. 182ක්ව පැවති භූමිතෙල් මිල රු. 13කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 195ක්.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page