top of page

ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ තෙල් මිල පහත වැටෙයි

ඉරාන බලාගාර වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ කාලසීමාව යළිත් දින 10කින් කල් දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ, අද උදෑසන ආසියානු වෙළඳපොළේ ගෝලීය බොරතෙල් මිල සුළු වශයෙන් පහත වැටී තිබෙනවා.

Brent බොරතෙල් මිල 0.84%කින් පහත වැටී ඩොලර් 107.10 ක් ලෙස සටහන් වූ අතර, West Texas Intermediate (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.09%කින් පහත වැටී ඩොලර් 93.71 ක් ලෙස සටහන් වී තිබුණා.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page