ඩොලරයේ අගය රු. 310 ඉක්මවා යයි
- News Room
- Jan 7
- 1 min read

එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද (07) දිනයේදී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2024 පෙබරවාරි 29 දිනෙන් පසුව ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.28 ක් හා විකුණුම් මිල රු. 313.81 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.




Comments