top of page

තෛපොංගල් උත්සවය අදයි

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා. ඒ අනුව, සීතල සමය අවසන් වී හිරු මුදුන් වන මෙම මොහොත අඳුර දුරු කර නව බලාපොරොත්තු දල්වන බවට ඔවුන් විශ්වාස කරන බවයි සඳහන් වන්නේ.

සශ්‍රීකත්වය ළඟා කරදීම වෙනුවෙන් හිරු දෙවිඳුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේදී සිදු වන අතර, හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම හා කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේදී සිදු කෙරෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page