දොඩංගොඩ වෙඩිතැබීමක්
- News Room
- Jan 15, 2025
- 1 min read

දොඩංගොඩ විල්පාත ප්රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නිවසේ ජනේලයට වෙඩිප්රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළේය. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැඳවා තිබුණි. දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Comments