දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට රුපියල් මිලියන 24ක දඩ මුදලක්
- News Room
- Jan 28
- 1 min read

2024 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට සහභාගී වූ ක්රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට, රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම ඔහුට වසර 4ක සිරදඬුවමක් ද නියම කර ඇති අතර, එම දඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමටද අධිකරණය තීරණය කර අති බව අද දෙරණ වාර්කාකරු පැවසීය. මෙම නඩුවේදී තමිම් රහ්මාන් තරග පාවාදීම සම්බන්ධයෙන් ඇති චෝදනාව පිළිගෙන ඇති බව වාර්තා වේ.




Comments