පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හා තවත් හිමිවරුන් තුනක් ඇතුලු පුද්ගලයින් 9ක් රිමාන්ඩ්
- News Room
- Jan 14
- 1 min read

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහළයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවකට පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, තවත් හිමිවරුන් තුන් දෙනෙකු ඇතුළු නව දෙනෙකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මීට අදාළව පසුගිය දෙසැම්බර් මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට 11 දෙනෙකුට නොතිසි නිකුත් කර තිබුණා.
ඒ අනුව අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉන් 9 දෙනෙකු පෙනී සිටි අතර එහිදී ඔවුන් 9 දෙනාම ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. එම පිරිසට පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුලු හිමිවරුන් 4 දෙනෙකු ද අයත්.
ත්‍රිකුණාමලය වරාය පොලිසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා.




Comments