top of page

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අප්‍රේල් 06 සිට සාමාන්‍ය පරිදි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මේ මස 23, 24, 26 යන දිනවල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව අවශ්‍ය සියලු‍ ලේඛන රැගෙන අදාළ කාර්යාල වෙත පැමිණීමෙන් හැඳුනුම්පත් ලබා ගත හැකියි.

එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හෙට සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සුපුරුදු පරිදි එක්දින සේවය ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත් ලබන මස 06 වනදා සිට සියලු‍ සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page