top of page

මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගනී



පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගිය අවස්ථාවේදී තියුණු ආයුධයකින් පහරදී සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ (15) ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදී 82 හැවිරිදි කාන්තාවක්ව සිය පුතා විසින් මෙලෙස පහරදී ඝාතනය කර තිබුණි.

පසුව එම පුත්‍රයා ප්‍රදේශයෙන් පළා ගොස් සිට ඇති අතර පසුව එම පුද්ගලයා ද උඩවලව, ගුරුමඩයාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇත. සැකකරු 54 හැවිරිදි ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page