top of page

රේගු නිලධාරීන් කළු පටි පැලඳ රාජකාරියට

වසර 6 ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළු පටි පැලඳ රාජකාරි කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද, ඊට නිශ්චිත විසඳුම් ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන 26 වන දින මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත අතර, එම සාකච්ඡාවෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ලබන සිකුරාදා දිනයේ රේගු වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් රැස් වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page