රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වැඩ වර්ජනයක්
- News Room
- Jan 21
- 1 min read

දිවයින පුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරුද්ධව මෙම වර්ජනය සිදු කරන බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.
මේ අතර අක්කරෙයිපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමින්, නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.




Comments