ලංකා විදුලිබල මණ්ඩලය 'Electricity Distribution Lanka' ලෙස වෙනස් වෙයි
- News Room
- 2 hours ago
- 1 min read

2024 අංක 36 දරන විදුලිබල පනත මඟින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන් හි වගකීම Electricity Distribution Lanka (Pvt) Ltd (EDL) වෙත පවරා තිබෙනවා.
විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීමට එම සමාගමට බලය පවරා ඇති බවයි ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
එමඟින් මහජනතාව සමඟ වඩාත් සමීප වූ සහ පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කරන බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය යටතේ තිබූ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල නාමය ද Electricity Distribution Lanka ලෙස වෙනස් කර තිබෙනවා.




Comments