ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,000 පනී
- News Room
- Jan 26
- 1 min read

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ. ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි. කැරට් 24ක රන් පවුමක් මේ වනවිට රුපියල් 362,200ක් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 397,000ක් වේ.
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකර ඇත. එය මේ වසර අග වනවිට ඩොලර් 5,500ට වඩා ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයින් සඳහන් කරයි.




Comments