වරෙන්තු නිකුත් කර තිබූ විමල් වීරවංශ අධිකරණයට
- News Room
- Jan 14
- 1 min read

කොළඹ මහාධිකරණ විසින් වරෙන්තු නිකුත් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ.
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරමංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. කෙසේවෙතත් මීට ටික වේලාවකට පෙර විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණි බවයි වාර්තා වෙන්නේ.

Comments