සංචාරක එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද
- News Room
- Jan 22
- 1 min read

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වේ.
එක්දින තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරග තුනකින් යුත් 20/20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරගය ලබන 30 වන දින පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිතය.




Comments