සිදුවෙන්න ගිය විශාල අනතුරකින් ජීවිත 75ක් බේරූ රියදුරා
- News Room
- Aug 23, 2024
- 1 min read

බදුල්ල ස්ප්රින්වැලි මාර්ගයේ ලංගම බස් රථයක පිටුපස එක් පසෙක රෝද යුගලයක් ගැල වී යෑමෙන් අද(22) අනතුරක් සිදු වී තිබෙනවා.මෙම අනතුරින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එම රථයේ රියැදුරු සමත් වී ඇති බවයි සඳහන් වන්නේ.
පොලිසිය සඳහන් කරන්නේ එම අනතුර සිදුවන අවස්ථාවේ දී මඟින් 75ක් ගමන් ගෙන සිට ඇති බවයි. එහි ගමන් ගත් සියලුම මගින් ආරක්ෂා කර ගැනීමට රියැදුරු සමත් වී තිබෙනවා. පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




Comments