හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි
- News Room
- Jan 18
- 1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 63 වැනි වියේ පසු වුණා.
අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු රාගම ශික්ෂණ රෝහලේදී අද (18) අලුයම මියගොස් ඇති බව සඳහන්. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු මෙන්ම පසුකලෙක එක්සත් ජාතික පක්ෂයේ පානදුර හිටපු නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබුණා.
ඔහුගේ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය පීඨයකට ලබාදීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කළා.




Comments