top of page

2025 ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් 965ක් ජීවිතක්ෂයට



මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ජනවාරි 01 සිට මැයි 13 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 902 ක් වාර්තා වී ඇති බවත්, බරපතළ අනතුරු 1,842ක් වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම රිය අනතුරු සඳහා අපරික්ෂාකාරී ධාවනය, බීමත්ව රිය පැදවීම සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම යනාදිය හේතුවී ඇති බව පොලීසිය පෙන්වා දෙනවා.

රිය අනතුරු අවම කිරීම සඳහා රථ වාහන පරික්ෂා කිරීම් හා විවිධ වූ වැඩසටහන් ද පොලීසිය මඟින් ක්‍රියාත්මක කර තිබෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page