top of page

අද සිට අලි සංගණනය ඇරඹේ

සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන3,130කදී මෙරට අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට සැළසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



සංගණනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ද එක්වීමට නියමිතයි. මීට පෙර අලි සංගණනයක් සිදුකර ඇත්තේ 2011වසරේදීවන අතර, එම සමීක්ෂණයේදී මෙරට අලි ගහණය 5,879ක් ලෙස දැක්වුණා.

ඉන් සියයට 55.09ක් වැඩිහිටි අලිවන අතර, 25.09ක් තරුණ වයසේ පසුවන අලිවනවා. අලි පැටවුන් සියයට 12.04ක් සිටින බවට එම සංගණනයට අනුව හෙළිව ඇති අතර, ළදරු වයසේ පසුවන පැටවුන් ප්‍රමාණය සියයට 6.4ක්.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page