top of page

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ජුනි 19 කැඳවීමට නියෝග

හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා ජූනි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

2014 වසරේ දෙසැම්බර් මාසයේදී ගංවතුර ආධාර සපයන බව පවසමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් අනීතික ලෙස වැය කිරීම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. 

එම චෝදනා යටතේ ගොනු කර ඇති මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page