top of page

අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන බලාගාරවලට පහරදෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීම්

අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන මැදපෙරදිග කලාපීය බලාගාරවලට පහර දෙන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති මොහොතකය.

ඉරාන විප්ලවීය බළකාය (IRGC) විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය, ගල්ෆ් කලාපීය අරාබි රටවලට එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීමට ටෙහෙරානය දරන නවතම උත්සාහය ලෙස සැලකේ. සඳුදා උදෑසන ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී.

ඉරාන ප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය තවදුරටත් අඩාල වී පවතින්නේ නම්, ඉදිරි පැය 48 ඇතුළත ඉරාන බලාගාර වෙත ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් ඉරිදා අලුයම අනතුරු ඇඟවීමක් කර තිබුණි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page