top of page

අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට



රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධියේ පැමිණිලිකාරියගේ ඉදිකරමින් පවතින නව නිවස පරීක්ෂා කර, එහි සැලසුම අනුමත නොකර ඉදිකිරීම වරදක් බවට පවසා, නීති මඟින් කටයුතු කළහොත් රු.50,000 ක දඩයක් නියම වන බවට සැකකරු විසින් පැමිණිලිකාරියට පවසා ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම සැකකරු පවසා ඇත්තේ එවැනි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන, නිවස ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා, ඒ සඳහා සැකකරු විසින්ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කර දීමට රු.12,000ක මුදලක් අවශ්‍ය බවයි.

ඉන්පසුව එකී මුදලින් රු.5,000ක් මුදලක් සැකකරු විසින් මුලින් ලබාගෙන ඇති අතර, පසුව ඉතිරි මුදලින් තවත් 6,000ක මුදලක් ලබා ගැනීමට සැකකරු පැමිණිලිකාරියගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

Opmerkingen


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page