top of page

අල්ලස් ගත් විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරයට



තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අද (08) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබීය.

අදාළ අල්ලස් මුදල එම දරුවාගේ මවගෙන් සිය කාර්යාලය තුළ ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

සුදුසුකම් නොමැති නිසා පැමිණිලිකාරියගේ දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බවත් අදාළ අල්ලස් මුදල ලබා දෙන්නේ නම් ඇතුළත් කළ හැකි බවත් සැකකාරිය විසින් ප්‍රකාශ කොට ඇතැයි අල්ලස් කොමිසම අධිකරණය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වුණි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ සැකකාරීය සතුව තවත් රුපියල් 260,000කට ආසන්න මුදලක් තිබී සොයා ගත් බවත් එම මුදල් ඇයට ලැබුණේ කෙසේදැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී සිටියේය.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page