top of page

ඇල්ල වන රක්ෂිතයට ගිනිතැබූ පුද්ගලයකු දැලේ




ඇල්ල කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල කිනලන් වත්ත ලැයිම් අංක 13 හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය.

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයන් විසින් ප්‍රදේශ රැසක වන රක්ෂිත, ලදු කැළෑ, පතන් වලට ගිනිතබා විනාශ කරන බවත් පොලිසිය පැවසීය.

ඇල්ල කිනලන් ෆයිනස් වගාව ට හොර රහසේ ඇතුලු වී මොහු ගිනිපෙට්ටියක් ද අතැතිව එම රක්ෂිතයට ගිනිතබන අවස්ථාවේ වන රක්ෂිතයේ රැකවලෙහි නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය සදහන් කළේය.

Commentaires


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page