ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට නීති දැඩි කෙරේ
- News Room
- Aug 25, 2024
- 1 min read

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයින් ඉස්ලාමීය පාලනය යටතේ දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරමින් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගායනා කිරීම හෝ කියවීම තහනම් කර තිබෙනවා.
එරට කාන්තාවක් ප්‍රසිද්ධියේ සිටින සෑම විටම තම සිරුර වැස්ම අනිවාර්ය බවත් අන් අය පෙළඹවීම් වළක්වා ගැනීමට මුහුණු ආවරණයක් ද අත්‍යවශ්‍ය බවත් එහි සඳහන්.
එම ඇඳුම් තුනී, තද හෝ කෙටි නොවිය යුතු බවත් එමඟින් අවධාරණය කර තිබෙනවා.
මුස්ලිම් නොවන පිරිමින් සහ ගැහැණුන් ඉදිරියේ තමන්ව ආවරණය කර ගැනීමටද කාන්තාවන් බැඳී සිටින අතර, කාන්තාවන්ට තම ඥාතීත්වයක් නැති පිරිමින් දෙස බැලීමද තහනම් කර ඇති බව සඳහන් වෙනවා.
Comments