ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් ගැටී පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට
- News Room
- 1 minute ago
- 1 min read

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයන් 84 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ජකර්තා නුවරට නුදුරු බෙකාසි (Bekasi) ප්‍රදේශයේදී මගී ප්‍රවාහන දුම්රියක් සහ දුර ගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන අතර, අනතුරෙන් විනාශ වූ දුම්රිය මැදිරි තුළ සිරවී සිටි මගීන් මුදාගැනීම ඉතා අසීරු වූ බවයි විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
මෙම අනතුරින් දැඩි ලෙස හානියට පත්ව ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරියක් වන අතර, මියගිය පිරිස අතර සිටින සියලු දෙනාම කාන්තාවන් බව වැඩිදුරටත් සඳහන් වනවා.




Comments