ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේ තෙරපුම හේතුවෙන් 30 ජීවිතක්ෂයට
- News Room
- Jan 30
- 1 min read

ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා ආගමික උත්සවයේදී අධික තෙරපුම හේතුවෙන් 30 දෙනෙකු මියගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම පූජාව සඳහා කෝටි 10 ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිටින අතර පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ගංගා, යමුනා සහ පුරාවෘතයේ සඳහන් සරස්වතී ගංගාවන්ට සංගම් නදිය එක් වන ස්ථානයේ ස්නානය කිරීම මගින් පව් සේදී, ඉපදීමෙන් සහ මරණයෙන් මිදුණු "මෝක්‍ෂය" උදාකර ගත හැකි බවට පවතින විශ්වාසය මත කුම්භමේලා ආගමික උත්සවය පැවැත්වෙනවා.
Comments