top of page

ඉරාන බොරතෙල් සහ රසායනික නිෂ්පාදනවලට ඇමෙරිකාවෙන් තාවකාලික අවසර

ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් සහ රසායනික නිෂ්පාදන, ප්‍රවාහනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම සඳහා අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දින 60 ක තාවකාලික පොදු බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට අත්හිටුවා ඇති ඉරාන අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් නිදහස් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් කියා සිටියේ ඉදිරියේදී දෙරට අතර න්‍යෂ්ටික අවංකභාවය තහවුරු කිරීමක් ලෙස ඉරානය සිය ආයුධ සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පරීක්ෂාවට එකඟත්වය පළකළ බවයි.

 
 
 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page