ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්
- News Room
- Aug 25, 2024
- 1 min read

ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයන් 200 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා.
ඒ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙසයි.
හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඊශ්‍රායලයද අඛණ්ඩව ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අනුව ඉදිරි පැය 48 ක කාලය දක්වා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.






Comments