top of page

උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ වත්කම් අත්හිටුවිය හැකියි



හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් වත්කම් අත්හිටුවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. හිටපු පොලිස්පතිවරයා දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී සිටීම මග හැරීම හේතුවෙනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසන්නේ.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදී දැනට දින කිහිපයක් ගතවී අවසන්. කෙසේ වෙතත් මේ වනවිටත් ඔහු රැඳී සිටින ස්ථානයක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නැති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනූවයි හිටපු පොලිස්පතිවරයා තවදුරටත් අධිකරණය හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මග හැරියහොත් ඔහුගේ වත්කම් අත්හිටුවිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා ඇත්තේ.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page