top of page

කෙහෙළිය සහ තවත් තිදෙනෙකු යළි රිමාන්ඩ් - දෙදෙනෙකුට ඇප

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙක් අද (08) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග නිකුත් කර තිබෙනවා.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවද සඳහන්.



Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page